Fifth Vassāna Season Daham Sisila Programme 2023

උතුම් සත් බුදු වන්දනාව විශේෂ ආශිර්වාද පූජාව

Fifth Special Vassāna Season Blessings Programme, Seven Buddha Vandana, Bodhi Poojava, Blessings Chanting, Meditation and Dhamma Talks in Sinhala and English was held on Sunday 03rd September (Binara) 2023 at Milton Keynes Vihara.

Sath Budu Vandana Poojava Special Blessing Programme was a serene and blissful pooja blessings. Everyone deeply appreciated such rare blessings before new school year begins and also at the end of the summer vacation. Sath Budu Vandana Poojava was a great success and everyone appreciated the blissful and meaningful nature of the programme.

වස්සානයේ පස් වන දහම් සිසිල සත් බුද්ධ වන්දනා, බෝධි පූජාව, සෙත් පිරිත් ආශිර්වාද, ධර්ම දාන විශේෂ සිංහල සහ ඉංග්‍රිසි ධර්ම දේශනා වැඩ සටහන සැප්තැම්බර් (බිනර) මස 03 වන ඉරුදින සවස 6ට මිල්ටන් කීන්ස් විහාරස්ථානයේ දී පැවැත්විණි.

සත් බුදු වන්දනාව ඉතා මත් අසිරිමත් සහ ආනුභාව සම්පන්න ලෙස සිදු කෙරුණි. නව පාසැල් වාරය අරම්භයට පෙර, මේ වසර නිවාඩු කාලය අවසන් වීමත් සමග පැවැති මෙම උතුම් ආශිර්වාද පූජාව සෑම දෙනාගේම සතුටට සහ සැනසුමට හේතුවිය. සියළු දෙනාම එබදු වටිනා, හරවත් උතුම් පූජාවකට සහ සම්බන්ධ වීමට ලැබීම ගැන සතුට පූණ්‍යානුමෝදනාවෙන් සිහිපත් කළහ.

මෙම ධර්ම දානමය පිංකමේ දායකත්වය:
💐 කසුප් ද සිල්වා මහත්මා , අස්විනී ගාඩියෙවසම් මහත්මිය, විහාන් ද සිල්වා පුතණුවන් ඇතුළු පවුලේ සියළු දෙනා විසින්.

​අගෝස්තු මසට යෙදුන විහාන් ද සිල්වා පුතණුවන්ගේ පළමු උපන් දිනය නිමිති කොට ගෙන නිදුක් නීරෝගී සුව පිරි සුභ උපන් දිනයක් සදහා ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම පිණිස. දෙපාර්ෂවයේම දෙමාපියන්ට සෙත් පැතීම පිණිස. වෛද්‍ය නන්ද ද සිල්වා මහත්මා සහ ස්වර්ණා නෝනා මහත්මියට ඉක්මන් නීරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම පිණිස. පවුලේ සියළු දෙනාට නිදුක් නීරෝගී සුව ප්‍රාර්ථනා කිරීම පිණිස. අභාවප්‍රාප්ත සියළු ඥාතීන්ට පිං අනුමෝදන් කිරීම පිණිස. සැමට චතුරාර්ය සත්‍යාවබෝදය වේවා! උතුම් අජරාමර සංඛ්‍යාත නිවන් සුව අත්වේවා!

This Saturday Dhamma Dana is Sponsored by:
💐 Kasup De Silva, Asvini Gadiewasam, Son Vihaan De Silva and family..

Wishing Son Vihaan De Silva A Very Happy 01st Birthday that was in August with good health & protection. To share blessings with both sides parents. To wish speedy recovery and longevity to Dr Nanda De Silva and Mrs Swarna. To share blessings with all in the family with good health, protection and progress. To transfer merits To all other departed relatives and friends. May they all realize the Four Noble Truth! and attain supreme bliss of Nibbana!

🙏🙏🙏

මෙම උතුම් පිංකම සාර්ථක කරගැනීමට සහභාගී වූ සහයෝයක දුන් සැමට ස්තූතියි!
ඔබ සැමට තුනුරුවන් සරණයි
Thank you all for supporting and participating to make it a great success.
May you all be well and happy!

We still need few more sponsors for the forthcoming special Dhamma Programmes. If you like to participate by sponsoring any items of it, please let us know.

we still need more sponsors and also the support to make our next Atavisi Sambuddha Pooja on Sunday 24th September. If you would like to sponsor any items of that, please let us know. Please keep the date free to come and help us.

මීලග සැප්තැම්බර් මස 24 වන දින පැවැත්වෙන අටවිසි සම්බුද්ධ පූජාවට අපට තව දායකත්වයන් කිහිපයක් සහ ඊට උදව් උපකාර අවශ්‍යය. ඒ් සදහා දායකත්වයන් ලබා ගත හැකි නම් අප හට දැනුම් දෙන්න. දිනය වෙන් කොට තබාගෙන සහභාගී වෙන්න.

Looking forward your participation to the future Dhamma programmes too.

🪷🪷🪷
🙏🙏🙏

Watch the Video of the Full Programme:

Leave a comment