ජීවිතයේ ගැටුම් සහ මානසික අවුල් නිරවුල් කරණ ධර්ම න්‍යාය: මධුපිණ්ඩික සූත්‍රය.

Special English & Sinhala Dhamma Talks & Bodhi Pooja Blessings Programme

Final and Sixteenth Vassāna Season Daham Sisila Programme 2023

2023 ආධ්‍යාත්මික වස්සා න කාලයේ අවසන් සහ දහසය වන විශේෂ සිංහල සහ ඉංග්‍රිසි ධර්ම දේශණා සහ සදහම් වැඩ සටහන

උතුම් ඉල් (නොවැම්බර්) පුර පසළොස්වක පොහොය දිනය
The Noble Ill (November) Full Moon Poya Day


Sunday 26th November 2023 at 6PM
නොවැම්බර් මස 26 වන ඉරුදින සවස 6ට

What is more important to search in ourselves? or search in others?
වඩා උතුම් වන්නේ තමා ගැන සෙවීමද? අනුන්ගැන සෙවීමද?

We are very grateful and would like to share our merits to all our devotees who helped us to make a very successful Vassāna (Spiritual Rains Retreat) Season during this year 2023.

2023 වර්ෂයේ ඉතාමත් සාර්ථක ආධ්‍යාත්මක වස්සාන කාලයක් සිදු කිරීමට සහයෝගය දැක්වූ ඔබ සැමට අපි ඉතා මත් කෘතවේදී වෙමු. පුණ්‍යානුමෝදනා කරමු.

Final and Sixteenth Special Vassāna Season Blessings Programme, Buddha Vandana, Bodhi Poojava, Dhamma Talks in Sinhala and English, Blessings Chanting and Meditation was held on Sunday 26th November (Ill) 2023 at Milton Keynes Vihara.

Programme was very successfully held with the graceful presence of Most Venerable Monks.

Everyone deeply appreciated such rare blessings pooja. Special Dhamma Programme and Poojava was a great success and everyone appreciated the blissful and meaningful nature of the programme.

Thank you all for supporting and participating to make it a great success.

වස්සානයේ ආධ්‍යාත්මික සමයේ අවසන් සහ දහසය ව දහම් සිසිල බුද්ධ වන්දනා, බෝධි පූජාව, සෙත් පිරිත් ආශිර්වාද, ධර්ම දාන විශේෂ සිංහල සහ ඉංග්‍රිසි ධර්ම දේශනා වැඩ සටහන නොවැම්බර් (ඉල්) මස 26 වන ඉරුදින සවස 6ට මිල්ටන් කීන්ස් විහාරස්ථානයේ දී පැවැත්විණි.

වස්සාන සමයේ පැවති අවසන් සහ දහසය වන විශේෂ පිංකම සම්භාවනීය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් ඉතා සාර්ථකව පැවැත්විනි. විශේෂ වැඩ සටහන ඉතා අගනා ලෙස සිදුවුනි. මෙම උතුම් ආශිර්වාද පූජාව සෑම දෙනාගේම සතුටට සහ සැනසුමට හේතුවිය. සියළු දෙනාම එබදු වටිනා, හරවත් උතුම් පූජාවකට සහ සම්බන්ධ වීමට ලැබීම ගැන සතුට පූණ්‍යානුමෝදනාවෙන් සිහිපත් කළහ.

මෙම ධර්ම දානමය පිංකමේ දායකත්වය:

💐 කෝලිත නවරත්න මහත්මා, වයෝමි මහත්මිය, ජිනේෂා දියණිය සහ තරිදු පුතණුවන් ඇතුළු පවුලේ සියලු දෙනා විසින්.
💐 තේජන නවරත්න මහත්මා, පේෂලා මහත්මිය, අජිත පුතණුවන් සහ චනිත් පුතණුවන් ඇතුළු පවුලේ සියලු දෙනා විසින්.

කෝලිත මහත්මාගේ සහ තේජන මහත්මාගේ දෙමාපියන්ට, වයෝමි මහත්මියගේ දෙමාපියන්ට සහ පේෂලා මහත්මියගේ මෑණියන්ට සෙත් පැතීම පිණිස. මීට මාස දෙකකට පෙර අභාවප්‍රාප්ත පේෂලා මහත්මියගේ දයාබර පියාණන් වන ආනන්ද ද සිල්වා මහත්මාට නිවන් සුව ප්‍රාර්ථනා කිරීම පිණිස. මියගිය සැමට පිංදීම පිණිස. මේ මස 50 වන උපන් දිනය සැමරූ පේෂලා මහත්මියටත් මේ නොවැම්බර් මස 30 වන දින උපන් දිනය සමරන අජිත පුතණුවන්ටත් ආශිර්වාද කිරීම පිණිස. ජිනේෂා දියණිය, තරිදු පුතණුවන් සහ චනිත් පුතණුවන්ගේ ඉදිරි අනාගත කටයුතු සාර්ථක වීමට ආශිර්වාද කිරීම පිණිස. පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ සඳහා සෙත් පැතීම පිණිස. විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලා ට ආශි්ර්වාද පිණිස සහ උන් වහන්සේලාගේ දෙමාපියන්ට පිං දීමට සහ සෙත් පැතීම පිණිස. සියළු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝදය වේවා! සැමට තෙරුවන් සරණේ ආශිර්වාද සැලසේවා!

🙏🙏🙏

This Dhamma Dana is Sponsored by:
 
💐 Mr Kolitha Navaratne, Mrs Wayomi, Daughter Jinesha and Son Tharindu and Family.
💐 Mr Thejana Navaratne, Mrs Peshala, Son Ajitha and Son Chanith and Family.

To share the blessings with beloved parents of Mr Kolitha and Mr Thejana, beloved parents of Mrs Wayomi and beloved mother of Mrs Peshala. To transfer merits to beloved father of Mrs Peshala who passed away two months ago Mr Ananda De Silva. May he attain Supreme Bliss of Nibbana! To share merits with all departed to relatives and friends. To wish A Very Happy Birthday to Mrs Peshala who celebrated 50th Birthday this month and to Son Ajitha who celebrate the Birthday on 30th of this November. To bless daughter Jinesha, Son Tharindu and Son Chanith all the best in the future. To wish all in the family for good health and protection. To share the blessings with venerable monks of the vihara and share merits and blessings with their parents. May this be a great meritorious deed to realize the Four Noble Truth.! May the Noble Triple Gem Bless all!

🙏🙏🙏

අසිරිමත් විමුක්ති සුව දැනෙන
ඉල් පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා..!

ඉල් පොහොයේ වැදගත් කම්
🪷 කඨින චීවර මාසයේ අන්තිම පොහොය දිනය හෙවත් කඨිනාස්කරණය.
🪷 පසුවස් සමාදන් වූ භික්ෂූන් වහන්සේලා පසුවස් පවාරණය වන දිනය.
🪷 වස්සාන සමයේ අවසන් පොහොය වත හෙවත් විනය කර්ම කරන දිනය.
🪷ප්‍රථම රහත් සැට නම ධර්ම දූත ගමන් ආරම්භ කිරීම
🪷 තුන්බෑ ජටිලයන් දමනය කිරීම
🪷 සැරියුත් මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑම
🪷 මතු බුදු වන මෛතීු බෝසතාණන් වහන්සේ නියත විවරණ ලැබීම
🪷 ලංකාවේ ඉදිවූ ප්‍රථම චෛත්‍ය වන බුදු සමිදුගේ අකු ධාතූන් වහන්සේ වැඩ සිටින ථූපාරාමය ට ක්‍රි:ව: 307-267 මුල් ගැල තැබීම

සාදු.! සාදු.! සාදු.!

Wish you all Blissful Ill (November) Full Moon Poya Day..!

Significances of This Full Moon Poya Day.

🪷Final day of the Kathina Robe Offering Ceremony Month or Kathinaskarana.
🪷 Retreat Termination day for monks who observed post rainy retreat (pasu vas).
🪷 Day that all monastics assemble to do a monastics discipline performances to mark the end of Rainy Season.
🪷 Setting first sixty enlightened monks off to share the Dhamma.
🪷 Announcement of Next Buddha Maithreiya
🪷 Ordination of Three powerful hermit Kasyapa Brotherns as monks
🪷 Passing Away of Dhammasenapati Arahant Sariputtha Commander in Dhamma into Nibbana
🪷 Laying foundation to first Stupa in Sri Lanka Called Thuparamaya in 307-267BC

මෙම උතුම් පිංකම සාර්ථක කරගැනීමට සහභාගී වූ සහයෝයක දුන් සැමට ස්තූතියි!
ඔබ සැමට තුනුරුවන් සරණයි
Thank you all for supporting and participating to make it a great success.
May you all be well and happy!

We still need few more sponsors for the forthcoming special Dhamma Programmes. If you like to participate by sponsoring any items of it, please let us know.

We still need few more sponsors for the forthcoming special Dhamma Programmes on Sunday Evening. If you like to participate by sponsoring any of the forthcoming Sunday Evening Dhamma Dana Programmes, please let us know.

ඉදිරි ඉරිදා දිනවල පැවැත්වෙන ධර්ම දාන වැඩ සටහන් සදහා අපට තව දායකත්වයන් කිහිපයක් සහ ඊට උදව් උපකාර අවශ්‍යය. ඒ් සදහා දායකත්වයන් ලබා ගත හැකි නම් අප හට දැනුම් දෙන්න.

Looking forward your participation to the future Dhamma programmes too.

Sabba Danam Dhamma Danam Jinati. – Dhamma Dana is the highest form of Dana.
ධම්ම දානං සබ්බ දානං ජිනාති. – ධර්ම දානය සියළු දාන අතුරින් ශ්‍රේෂ්ඨය‍.

ඔබ සැමට තුනුරුවන් සරණයි!
May you all be well and happy!

🪷🪷🪷
🙏🙏🙏

ධර්ම දාන දේශණාවේ මාතෘකාව:
මධුපිණ්ඩික සූත්‍රය​:
ජීවිතය රසවත් කරන දහම් රසය. සැබෑ ප්‍රඥාවන්තයා නිවරැදි ධර්මය රසවිදිමින් ජීවිතයේ උසස් අභිමතාර්ථ සාක්ෂාත් කරගන්නා අකාරය. ජීවිතයේ ගැටුම් සහ මානසික අවුල් නිරවුල් කර දහම් රසය තුලින් ජීවිතය සුවපත් කරන මීපැනි බදුනක් බදු හේතු ඵල දහම. ජීවිතයේ ගැටුම් සහ මානසික අවුල් නිරවුල් කරණ ධර්ම න්‍යාය. ප්‍රඥාවන්තයා ජීවිතය රස විදින මීපැණි බදුනක් බදු හේතු ඵල දහම.

Dhamma Dana Talk Topic:
Madhupindika Sutta (Discourse on The Ball of Honey):
Make the life sweet with the taste of Dhamma. The way, the wise achieves the highest objectives of life by tasting the true Dhamma. Dhamma Theory that makes life free from conflicts and mental suffering. True wise tastes the life through dependent origination like a ball of honey. The Conditioned Genesis; like a ball of honey that makes the life sweet with taste of dhamma and free us from the life conflicts and mental proliferations.

Watch the Video of the Full Programme:

More Pictures Join our Facebook page:

Leave a comment